ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක් අපේක්ෂා රෝහලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක පරිත්‍යාගයක් මහරගම අපේක්ෂා රෝහලට ලබාදී තිබෙනවා.
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 60 කට වැඩි ගණනක හිගයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණේ හැකි සහයෝගයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව ආසියානු ශූරතාවලිය නිමවූ වහාම අවශ්‍ය කටයුතු සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා දැනුම් දී තිබූ අතර ඒ අනුව මෙම පරිත්‍යාගය කර තිබුණා.
214 Views
Comments