රක්ෂිත බන්ධනාගාර ගත කළ ETI හිටපු අධ්‍යක්ෂවරුන් නිරෝධායනයට

බන්ධනාගාර ගත කර සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා නිරෝධායන සඳහා යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවත්, දීපා එදිරිසිංහ යන අය කළුතර බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවත් ප්‍රකාශක වරයා සඳහන් කලා.
ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය රක්ෂිත බන්ධනාගාර ගත වූවන් නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළ යටතේ නිරෝධායනය සඳහා යොමුකළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඊටීඅයි සමාගමේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4 ක මූල්‍ය වංචාවකට අදාළව හිටපු අධ්‍යක්ෂවරුන් පෙරේදා යළි අත් අඩංගුවට ගැනුණා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දිනයේ දී ඔවුන් සිව් දෙනා අනිත් දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
705 Views
Comments