කඩවත දෙදෙනෙකු මැරූ සැකකරුගේ සමීපතමයෙක් ආයුධ සමඟ පොලිස් අත්අඩංගුවට

පසුගිය මාර්තු 24 වන දින මහර නවය කණුව ආසන්නයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ සමීපතමයකු බව පැවසෙන පාතල කල්ලි සාමාජිකයකු චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ ජීව උණ්ඩ 23 ක් සහිත මැගසිනයක් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (02) කැලණිය දිප්පිටිගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාගොඩ පදිංචිකරුවකු වන 27 හැවිරිදි සිංහාරච්චිගේ සහන් නවෝද්‍යාා නොහොත් ‘‘පැන්ඩා’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු බව පොලිසිය කියයි.
602 Views
Comments