රාජ්‍ය නායකයින්ගේ රහස් රැසක් හෙළිවෙයි නිරූපමා රාජපක්ෂගේ නමත් එලියට

වර්ථමානයේ බලයේ සිටින හා විශ්‍රාම ගොස් සිටින රාජ්‍ය නායකයින් 35 දෙනෙක්, මහජන නියෝජිතයින් 300 දෙනෙකු විසින් මුදල් විශුද්ධිකරණය සිදුකරමින් අක්වෙරළ සමාගම් හරහා ලබාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ICIJ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.
මෙලෙස නිකුත් කර ඇති ලේඛණ වලට අනුව මෙරට සිටි අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ ගේ නමද ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.
මිට අමතරව ජෝර්දානයේ රජූ විසින් බ්‍රිතාන්‍යයේ සහ බ්‍රිතාන්‍යය තුල පවුම් මිලියන 70ක් දේපල මිලදී ගැනීම් සඳහා යොදාවා ඇති බවට හෙළිකර ගෙන ඇත.
මිට අමතරව රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය Andrej Babis ඇතුළු රාජ්‍ය නායකයින් රැසකගේ රහස්‍ය දේපල හිමිකාරිත්වයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම ගවේෂණාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් සම්බන්ධවී තිබෙනවා.
1133 Views
Comments