දහසක් කම්කටොළු මැද්දේ උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පීඩා විඳිමින් සා.පෙළ කඩඉම සාර්ථකව ජයගත් දිරිය දියණිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

දහසක් කම්කටොළු මැද්දේ උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පීඩා විඳිමින් සා.පෙළ කඩඉම සාර්ථකව ජයගත් දිරිය දියණිය

දහසක් කම්කටොළු මැද්දේ උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පීඩා විඳිමින් සා.පෙළ කඩඉම සාර්ථකව ජයගත් දිරිය දියණිය

කුරුණෑගල, වගාකඩ ප්‍රදේශයේ පදිංචි සඳුනිකා වින්ද්‍යා දියණිය උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින් පෙළෙන දැරියකි. 

 

ඇය පසුගිය වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ 1 ක්, “බී”සාමාර්ථ 4 ක්, “සී” සාමාර්ථ 3ක් සහිතව සමත්වී තිබේ.

 

ගීත ගායනයට දක්‍ෂ සඳුනිකා වගාකඩ විමලසුරේන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවාය.

 

අපොස සාමාන්‍ය පෙළ සමත්වූ සතුට සැමරූ ඇගේ එකම බලාපොරොත්තුව පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි.

 

සිරිල් රාජපක්‍ෂ, චන්ද්‍රකාන්ති රාජපක්‍ෂ මව්පිය යුවළට දාව මෙලොව එළිය දුටු වින්ද්‍යා දැරිය හට වසර ගණනාවක් තිස්සේ බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර කලද එය සුවකළ නොහැකි රෝගයක් බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර තිබේ.

 

මේ හේතුවෙන් ඇය මේ දක්වා තම දෛනික කටයුතු තම මවුපියන්ගේ උපකාර මධ්‍යයේ සිදුකරගෙන යන්නීය. 

 

කෙතරම් බාධක කම්කටොළු පැමිණියත් ඇය තම අධ්‍යාපන කටයුතු වලට ඒවා බාධාවක් කරගත්තේ නැත.

 

කලක් යුද හමුදාවේ සේවය කළ සඳුනිකාගේ පියා එයින් ඉවත්වී කුලී රැකියාවල නිරත වෙමින් තම දියණියගේ අනාගතය වෙනුවෙන් කැපවෙයි.

 

අදහස් දැක්වූ සඳුනිකා වින්ද්‍යා දියණිය මෙසේ පැවැසුවාය.

 

“අපොස සාමාන්‍ය පෙළ මම පාස්. ඒ සතුට කියන්න බැරි තරම්.

මට කියන්න තියෙන්නේ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ.

හිතේ හයිය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්.

මගේ අනාගත බලාපොරොත්තුව පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි.

ඉතිං පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉදිරියට යන්න උදව් කරන්න. ලොකු පිනක්.”

views

906 Views

Comments

arrow-up