SEP
25
මිහින්තලේ පොලිස් නිලධාරියාට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් සියබලාගස්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 සහ 39 යන වයස්වල පසුවන්නන්.
පෙරේදා දිනයේ දී ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවලගස්වැව විහාරස්ථානය ඉදිරිපිට දී වෙළෙඳ සලක් අසල යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් මෙම පහරදීම සිදුකර තිබුණා.
294 Views
Comments