රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීමට සීමා

රජයේ කාර්යාල සඳහා රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය තවත් මාසයකින් දීර්ඝ කොට තිබෙනවා.
සේවයට පැමිණීමේ දී නිලධාරීන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන ඊට සහන සැලසීමට අමාත්‍යාංශය මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ.
මේ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අද යළි චක්‍ර ලේඛයක් නිකුත් කළේ ඉදිරි මාසයක කාල සීමාව සඳහා වලංගු වන පරිදියි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරිය සඳහා හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍රලේඛ විධිවිධාන බාධාවක් නොවන බවද අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.
225 Views
Comments