රද්ගම දඩබ්බරයාගේ සමු ගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

රද්ගම දඩබ්බරයාගේ සමු ගැනීම

රද්ගම දඩබ්බරයාගේ සමු ගැනීම

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ලසිත් මාලිංග හෙවත් රත්ගම දඩබ්බරයා  ඊයේ T20 ක්‍රිකට් පිටියට සමුදීමට නිවේදනය කළා.

 

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍ය වෙන එකක් නෑ..

 

මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.


තෙරුවන් සරණයි!

 

w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! “

 

යනුවෙන් සිය සමුගැනීම නිවේදනය කරමින් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

 

ලසිත් මාලිංග සැලකෙන්නේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ වල ලොව එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකම පන්දු යවන්නා ලෙසයි.

 

T20 ජාත්‍යන්තර තරග 84 කදී කඩුලු එකසිය හතක් දවාගෙන ඇති ලසිත් මාලිංග කඩුළු 100ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නයි.

 

2014 – T20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ ද ලසිත් මාලිංගයි.

 

මාලිංග මීට පෙර ටෙස්ට් සහ එක්දින තරගවලින් සමුගත්තා.

views

771 Views

Comments

arrow-up