ලබන සඳුදා කොළඹ සහ අවට බස් වර්ජනයක් ?

බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බවත් බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බව පෙනවා දුන්නා.
විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බවටත් මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
978 Views
Comments