වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව රටේම අවමානයට ලක්වෙලා - අර්ජුන රණතුංග

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
තරඟ පරදාවීම සේම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතාබහක් ඇති ව තිබෙන බවත් තමන් නායකත්වය දැරූ කාලයේ කණ්ඩායම තුළ සිටියේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් පමණක් බවත් අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
එවැනි කණ්ඩායමක් සිටි නිසා තමන්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වු බවත් පැවසු එතුමා , දැන් සිටින ක්‍රීඩකයින්ගේ විනය දැඩිලෙස පිරිහී ඇතැයි ද පැවසීය.
“එක කාලයක් තිබුණා තරඟ පැරදුනාම අපිට එළියට යන්න ලැජ්ජයි. මොකද අපි හිතනවා ඒ අයගේ මානසිකත්වය අපි වැට්ටුවා කියලා.
අපි ඒ අයට ලැජ්ජා කළා කියලා. අද එහෙම දෙයක් නෑ. මේ තත්ත්වයක් යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න හම්බවෙන්නේ නෑ.
අද ඉතාමත් කණගාටුයි. දුකෙන් කතා කරන්නේ. අපේ කාලයේත් ක්‍රීඩකයින් එළියට ගියා. ඒ අය විනෝද වුණා.
නමුත් ඒ අය දන්නවා ඒ අය යන්නේ විනෝදවෙන්න නෙමෙයි ක්‍රිඩා කරන්න කියලා. අපිට හිටියා මේ රටේ සැර දක්ෂ කළමනාකරුවෝ.
මමත් සැරයි. මම දන්නවා මේ ළමයින්ව හසුරුවා ගන්න ඕනේ කොහොමද කියලා. මම කියන්නේ නෑ මගේ කාලයේ කිසිම ක්‍රීඩකයෙක් එළියට ගියේ නෑ කියලා. සමහර ක්‍රීඩකයෝ මම ගෙදර එවලා තියෙනවා. සමහර අයව මම තහනම් කරලා තියෙනවා.
සමහර අයට මගේ අතින් කනේ පාරවල් වැදිලා තියෙනවා. ක්‍රිකට් කියන්නේ බෝලෙට බැට් එකෙන් ගහන එක විතරක් නෙමෙයි.
ක්‍රිකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක්ම පරිපාලනය කරන එක. මම හැමෝගෙන්ම ඉල්ලනවා අපේ ක්‍රීඩකයින්ට ලැජ්ජා කරන්න එපා.
විනය වැරදි අයව අපි ඒ විදියට හදා ගමු. හැම ක්‍රීඩකයාටම මේ තත්ත්වයට යන්න දෙන්න එපා.“
825 Views
Comments