පොල් කට්ටටත් ගෙවා, කිලෝ ක්‍රමයට පොල් මිලදී ගන්න වෙලා !
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

පොල් කට්ටටත් ගෙවා, කිලෝ ක්‍රමයට පොල් මිලදී ගන්න වෙලා !

පොල් කට්ටටත් ගෙවා, කිලෝ ක්‍රමයට පොල් මිලදී ගන්න වෙලා !

ප්‍රදේශ කිහිපයක ඇතැම් වෙළඳුන් බර අනුව පොල් ගෙඩි අලෙවිකරන බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

 

අම්බලන්ගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පොල් ගෙඩි වල බර අනුව පොල් කිලෝවක් රුපියල් 120ත් 140ත් අතර මිලකට අලෙවි කිරීම් සිදුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

පොල් කටුව සමඟ පොල් ගෙඩියක බර වැඩි වෙන නිසා සාමාන්‍ය පොල් ගෙඩියක බර ද කිලෝවකට වැඩි වෙනවා.

 

එම නිසා පාරිභෝගිකයින්ට සම්පූර්ණ බර සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

 

මේ අතර පොල් කිලෝ ක්‍රමයට විකිණීම සුදුසු බව පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් අධ්‍යක්ෂ පී එදිරිමාන්න මහතා පවසා තිබෙනවා.

 

මීට පෙර පොල් ගෙඩියක වටා ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබුණත් එය ද හරිහැටි ක්‍රියාත්මක නොවන පසුබිමක පාරිභෝගිකයින් තව තවත් අපහසුතාවයට පත්ව තිබෙනවා.

views

722 Views

Comments

arrow-up