ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුවක් අධිකරණය විසින් නිශ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවරා තිබූ නඩුවක් අධිකරණය විසින් ඊයේ (27) නිෂ්ප්‍රභ කර තිබේ
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහනය සිදුකිරීමෙන් අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කර අධිකරණයට අපහාස කළේ යැයි එම චෝදනාව එල්ල වී තිබුණි.
2019 සැප්තැම්බර් මස 20 වන දින මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට එරෙහිව යමින් ඥානසාර හිමියන් කටයුතු කළ බව පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් මෙම නඩුව පවරා තිබුණි.
198 Views
Comments