වත්කම් පෙන්වීමට රත්‍රං තක්සේරු වාර්තා ලබා ගැනීම සීඝ්‍රයෙන් ඉහළට

විදේශ ගතවීමේදී වත්කම් ලෙස පෙන්වීමට රත්‍රං තක්සේරු වාර්තා ලබා ගැනීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රශ්න කරයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා කියා සිටියේ රත්‍රං මිල මේ වන විට ඉතා ඉහළ අගයක පැවතීම මීට හේතු වී ඇති බවයි.
මෙලෙස රත්‍රං සඳහා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ බලයලත් එකම ආයතනය වන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි.
මේ වන විට ඒ සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් කාර්යාංශයට පැමිණීමට පෙර 0112390652 දුරකථන අංකය අමතා වේලාවක් වෙන් කරගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
231 Views
Comments