ලංකාවේ කෙසෙල්වලට චීනාගේ හිත යයි

ලංකාවෙි කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ වගා කරන පළතුරු චීනයට අපනයනය කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට චීනයට අවශ්‍ය පලතුරු අපනයනය සඳහා කරුණු ඉදිරිපත් කිරීමට චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ලංකාවෙි වගා කරන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ෆැෂන් ෆෘට් සහ ඇඹුල් කෙසෙල් මෙන්ම කටු අනෝදා ලෝකයේ විවිධ රටවල ජනප්‍රියව ඇති බවයි.
දැනට පෞද්ගලික ආයතන රැසක් අපනයනයට සුදුසු අන්දමින් වගා කරන ලද පළතුරු අපනයනයෙහි යෙදී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
චීනයට ශ්‍රී ලංකාවේ කෙසෙල් අපනයනය සඳහා වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතත්, මෙතෙක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකව නැති නිසා යළිත් එම වැඩපිළිවෙල ඇරඹීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන පළතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා රජය වශයෙන් ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
215 Views
Comments