හමුදා සෙබළාට මරු කැඳවූ යතුරුපැදි අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

හමුදා සෙබළාට මරු කැඳවූ යතුරුපැදි අනතුර

හමුදා සෙබළාට මරු කැඳවූ යතුරුපැදි අනතුර

බුත්තල සතිපොළ ඉදිරිපිටදී පෙරේදා (22) සවස සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික ශිෂ්‍යභට බළකායේ මොනරාගල ඒකකයට අනුයුක්තව සේවය කළ හමුදා සෙබළෙකු වන මොනරාගල, නක්කල කුකුරුමංගොඩ පදිංචි මාරගස්වත්තේ සරත් වීරතුංග (36) නමැති දෙදරු පියෙකි.

 

මියගිය සෙබළා බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලයේ ශිෂ්‍යභට පුහුණු කඳවුරකට ගොස් සිය යතුරුපැදියෙන් නිවසට යමින් සිටියදී බුත්තල සතිපොළ අසල හෝටලයක් ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇත.

 

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සෙබළා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 

යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ඒ. එම්. නවරත්න මහතා පරීක්ෂණ පවත්වයි.

views

213 Views

Comments

arrow-up