එන්නත්කරණය ගැන නිකුත් වූ ගැසට්ටුවත් රිවස්

අවශ්‍යතාවක් මතු වුවහොත් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම යළිත් තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඉකුත් අප්‍රේල් 30 වනදා සිට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය අවලංගු කෙරුණා.
ඒ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුවයි. එහෙත් එම නීතිය ඉවත් කෙරුණද කොරෝනා අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත්ගෙන් පැවසුවේ.
946 Views
Comments