පොලොන්නරුවේ ගොවීන්ගේ වී මිලදී ගැනීම අරඹයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

පොලොන්නරුවේ ගොවීන්ගේ වී මිලදී ගැනීම අරඹයි

පොලොන්නරුවේ ගොවීන්ගේ වී මිලදී ගැනීම අරඹයි

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ එක් ගොවියෙකුට සීමාවකින් තොරව වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමේ හැකියාව පවතින බව එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

 

 නියමිත ප්‍රමිතියෙන් යුත් කීරි සම්බා වී කිලොවක් සඳහා රුපියල් 55 ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් රුපියල් 50ක් සහ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50ක් වශයෙන් රජයේ සහතික මිලක් ගොවීන් වෙත ගෙවනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය.

 

එමෙන්ම මණ්ඩලයට අලෙවි කරනු ලබන සෑම වී කිලෝවක් සඳහාම වී අලෙවි මණ්ඩලය රු.1.50ක මුදලක් ප්‍රවාහන වියදම් වශයෙන් ගොවියාට ලබාදෙන බවද පැවසුවේය.

 

පොලොන්නරුවේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරතවෙමින් උප සභාපතිවරයා මේ අදහස් පලකලේය.

 

පෞද්ගලික සහල් මෝල් හිමියන් විසින් තෙතමනය සහිත වී මිළදී ගැනීමේ වැඩපිළිවෙල මෙවරද ක්‍රියාත්මකවන බවද හෙතෙම සඳහන් කලේය.

 

මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලට ගැනීම ආරම්භකර ඇතිබව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා කීය.

views

774 Views

Comments

arrow-up