කුරුවිට යුදහමුදා කදවුරේ බුද්ධ ප්‍රතිමාව ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

කුරුවිට යුදහමුදා කදවුරේ බුද්ධ ප්‍රතිමාව ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

කුරුවිට යුදහමුදා කදවුරේ බුද්ධ ප්‍රතිමාව ගැන යුද හමුදාවෙන්  නිවේදනයක්

මේ දිනවල සමාජා ජාලවල සංසරණය වන කුරුවිට යුදහමුදා කදවුර තුළ බුද්ධ ප්‍රතිමාවක් ගිණි තැබීමක් දැක්වෙන  වීඩියෝව සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් නිකුත් කර තිබෙනවා

 

2020.12.15 දින කුරුවිට යුද්ද හමුදා කදවුර තුල බුද්ද අනුරුවක් විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලවල ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව දැනුවත් කිරීම

 

මෙම බුද්ධ අනුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක්.

 

වසර ගණනාවක් වෙසක් කලපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණුහේවා මූලස්ථාන බලඇණි කඳුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ශ‍්‍රාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය දොඹවෙල සිරි විජේඥාණ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් හා පිරිත් සජ්ජායනා කර භූමියට පිරිත් පැන් ඉස 2020.12.16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

 

සමාජ ජාල වල ප්‍රචාර වෙමින් පවතින මෙම සිදුවීම පිළිබඳව සත්‍යය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම පණිවිඩයෙන් නිකුත් කරනු ලබනවා.

 

 

views

673 Views

Comments

arrow-up