වාහන ප්‍රදර්ශනාගාරයට ජිප් රථයෙන් කඩා වැදුණු SSPගේ දියණියට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

වාහන ප්‍රදර්ශනාගාරයට ජිප් රථයෙන් කඩා වැදුණු SSPගේ දියණියට ඇප

වාහන ප්‍රදර්ශනාගාරයට ජිප් රථයෙන් කඩා වැදුණු SSPගේ දියණියට ඇප

අපරීක්ෂාකාරි ලෙස අධික වේගයෙන් රිය පදවා කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක බරපතළ හානි සිදු කිරීමේ චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියාගේ දියණිය රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

 

ඒ පොලිස් ඇප මත මුදා හැර සිටි සැකකාරිය වන රොෂානි මධුෂා රත්නායක නමැත්තිය නීතිඥවරු මාර්ගයෙන් අද (18) අධිකරණය වෙත පෙනී සිටීමෙන් අනතුරුවයි.

 

කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කරුණු දක්වමින් පැවසුවේ සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

 

එම තැනැත්තියට මෝටර් රථය ලබා දුන් මොහොමඩ් සම්රාස් අහමඩ් නමැත්තෙකුට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

 

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන වියේ පසුවන තම සේවාදායකයාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධියක් හදාරන අතර ඇය රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින බව කියා සිටියා.

 

සිය මිතුරකුගේ මෝටර් රථයක් පදවාගෙන යාමේදී තිරිංග වෙනුවට ඇක්ස්ලේටරය ඇය විසින් පෑගීම හේතුවෙන් එම බරපතළ අනතුර සිදු වී තිබෙන බව පෙන්වාදුන් නීතිඥවරයා හානියට පත් පිරිස් සමඟ සාකච්ඡා කර සුදුසු වන්දි ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුනි.

 

මෙහිදී අගතියට පත් මෝටර් රථ ප්‍රදර්ශනාගාර ආයතන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ සැකකාරිය සිදුකළ රිය අනතුර හේතුවෙන් තම ආයතනයට රුපියල් ලක්ෂ 200 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවයි.

 

අනතුරින් තම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් තමන්ට රුපියල් ලක්ෂ 350 ක පමණ පාඩුවක් සිදුව ඇති බව සැකකාරිය පැදවූ රථයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද, අධිකරණයට කරුණූ දක්වමින් කියා සිටියා.

 

ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගනු ලැබූ කොළඹ අතිරේ මහේස්ත්‍රාත් හිරෝෂි කාහිංගල සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

 

යළි මෙම පැමිණිල්ල මාර්තු 2 වනදා කැඳවීමට නියමිත අතර එදිනට ප්‍රගති වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස කුරුදුවත්ත පොලීසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

 

views

665 Views

Comments

arrow-up