තේ කර්මාන්තයත් අනතුරේ - ජපානය Ceylon Tea අත්හරියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

තේ කර්මාන්තයත් අනතුරේ - ජපානය Ceylon Tea අත්හරියි

තේ කර්මාන්තයත් අනතුරේ - ජපානය Ceylon Tea අත්හරියි

'සිලෝන් ටී' නාමයේ ප්‍රධාන ගැනුම්කරුවෙකු ක්‍රමයෙන් රටට අහිමි වෙමින්, ස්ථානය මෙවර ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අඩකින් පමණ පහත හෙළා ඇති බව වාර්තා වේ. පළමුවැනි කාර්තුවේදී කර්මාන්තයේ ඉපැයීම්වලින් ඇ.ඩො. මිලියන 52ක පාඩුවක් සිදුව ඇති පසුබිමක, ජපානය ශ්‍රී ලංකාවේ. ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු ලෙස මේ වසරේදී ඔවුන්ගේ මිලදී ගැනීම් 42%කින් පහත හෙළා ඇත.

 

එනම්, පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මෙරට තේ කිලෝග්‍රෑම් මිලියන 1.5ක් මිලදී ගත් ස්පානය මේ වසරේ එම කාලය තුළ මිලදීගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 872,000ක් පමණි. රටේ පවතින වත්මන් වාතාවරණය තුළ තවදුරටත් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමට විශ්වාසයක් නොමැති වීම මෙසේ ජපානය "සිලෝන් ටී' නාමයෙන් ක්‍රමයෙන් ඉවත්වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

 

විශේෂයෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් තරම් පොහොර තිබේද, එසේ පොහොර තිබුණත් ඒවායෙහි ගුණාත්මකභාවයේ පහත වැටීමක් සිදුවී තිබේද සහ ප්‍රමාණයේ අඩුවීමක් සිදුවී තිබේද යන කාරණා සම්බන්ධයෙන් ජපානය දැනුවත් නොමැති අතර, මෙම අවිනිශ්චිතතාව කර්මාත්තයට සෘජුවම බලපා තිබේ. රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ඉපැයීම් මේ තත්වය තුළ තවදුරටත් පහළ යන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව අපගේ ගැනුම්කරුවන් වේගයෙන් ගිලගනිමින් සිටින නිසා අපගේ තේ වෙළෙඳ පොළ කොටස අපට අහිමි වන දිනය වැඩි ඈතක නොවන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

views

976 Views

Comments

arrow-up