වීරවංශ ගම්මන්පිල වගේ උන් පොල් පිත්තකින් කපා ගන්න පුළුවන්

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි නායකයන් පොල් පිත්තකින් වුවද කපා ගත හැකි බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ අදහස් පල කලේ ඔවුන් දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
“දැන් මේ විමල් වීරවංශ බොරදියේ මාළු බාන්නෙ මොකටද ? ඊළඟ මැතිවරණයකදී කොයි පිලට ගිහිල්ලාද ඡන්දෙ ඉල්ලන්නෙ කියන එකට. ඔය උන්නැහැලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි වේදිකා හදලා දුන්නෙ. ආණ්ඩුවත් එක්ක ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තියෙන්නෙ.විමල් ගම්මන්පිල වගේ නායකයෝ පොල්පිත්තෙන් කපාගන්න පුලුවන්. අපි මේ බලහත්කාරයෙන් ගැටගහගෙන, කිරි පොවපොවා තියාගන්න අපට වුවමනාවක් නෑ. මේගොල්ලොන්ට වැඩිය කාඩබෝඩ් වීරයෝ කොහෙවත් නෑ.
මයික් ටයිසන්ලා, ඒකයි වෙලා තියෙන්නෙ. අඟේ ඉඳන් කන කන වැඩක් මේ ක්‍රියාත්මක කරන්නෙ. උදය ගම්මන්පිල විෂය භාර ඇමතිවරයා දැනගන්න ඕනෙ රටට තෙල් ටික ගෙනල්ලා දෙන්න. තෙල් පෝලිමක් එනකොට අපි නෑලු. තෙල් පෝලිම බලාගන්න ඕනෙ බලශක්ති ඇමතිවරයානෙ. නැතිව බලශක්ති ඇමතිකම මොකටද පොල් ගාන්නද ?”
587 Views
Comments