කෝටි 4කට වැඩි මුදලක් බැංකු ගිණුමේ, අම්මයි දුවවයි දෙන්නම ගණිකා ජාවාරමේ යෙදවූ පාපතරයාගේ කැරැට්ටුව එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

කෝටි 4කට වැඩි මුදලක් බැංකු ගිණුමේ, අම්මයි දුවවයි දෙන්නම ගණිකා ජාවාරමේ යෙදවූ පාපතරයාගේ කැරැට්ටුව එළියට

කෝටි 4කට වැඩි මුදලක් බැංකු ගිණුමේ, අම්මයි දුවවයි දෙන්නම ගණිකා ජාවාරමේ යෙදවූ පාපතරයාගේ කැරැට්ටුව එළියට

බාලවයස්කාර දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු ගිණුම් 8කින් රුපියල් 45,681,905ක මුදලක් සැක කටයුතු ලෙස ගනුදෙණු වී ඇතැයි අනාවරණ වී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ මෙම සැකකරු රැකියාවක් සිදුකරන පුද්ගලයෙකු ද නොවන බවයි.

 

2021 වසරේ ජුනි 28 වන දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත අවුරුදු 15යි මාස 09ක බාලවයස්කාර දරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයින්ට විකිණීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.

 

එම විමර්ශනයට අදාළව අදාළ දැරිය ගණිකා වෘත්තියේ යෙදවීම සහ ඊට ආධාර අනුබලදීම මගින් මුදල් උපයා ඇතැවි හෙළිවීම හේතුවෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශණ ආරම්භ කරනු ලැබිණි.

 

ඒ අනුව ස්ත්‍රි දූෂණය යන වැරදි සම්බන්ධයෙන් අවුරුදු 36ක මෙම සැකකරු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණි.

 

සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ සැකකරු ස්ථිර රැකියාවක් හා ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බවටයි.

 


එම පුද්ගලයා වසර 18ක පමණ කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් යොදවා ගනිමින් ගණිකා ජාවාරම් පවත්වාගෙන ගිය අයෙක් බවටද පොලිසිය විසින් කරුණු අනාවරණ කරගෙන තිබේ.

 

එමෙන්ම සැකකරු මීට පෙර මහනුවර සහ ගම්පහ ප්‍රදේශවල ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අයෙකි.

 

වාහන කුලියට ලබාදෙන ස්ථානවලින් කුලී පදනම මත ලබාගන්නා වාහන යොදාගෙන කොළඹ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම ගණිකා ජාවාරම් කටයුතු සිදුකර ඇති බවටද අනාවරණය වී ඇත.

 

සැකකරු විසින් ගණිකා ජාවාරමේ යෙදවූ දැරිය මෙන්ම එම දැරියගේ මවද ඒ ආකාරයෙන්ම මෙම සැකකරු විසින් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයා ඇති බවට කරුණු අනාවරණ වී තිබේ.

 

මොහු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පෙරේදා(21) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

views

900 Views

Comments

arrow-up