අද කාලගුණය : ප්‍රදේශ කිහිපයක පස්වරුවේ තැනින් තැන වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයක පස්වරුවේ තැනින් තැන වැසි

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයක පස්වරුවේ තැනින් තැන වැසි

සබරගමුව පළාතේත් ගාල්ල, මාතරසහ කළුතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි දඇති විය හැක.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල 

උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන 

අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 


වැසි තත්ත්වය:  
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ 

රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

සුළඟ:

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.      

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තො ට සිට පොතුවිල් දක්වා 

වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45)දක්වා වැඩි විය හැක.  

 

මුහුදේ ස්වභාවය:

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට 

ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

views

644 Views

Comments

arrow-up