රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා ආසාදිත බිළින්ඳන් 150ක් !

කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳන් 150ක පිරිසකට වෛරසය ආසාදිත වූ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.
එලෙස එම රෝහලේම කොරෝනා ආසාදිත වයස අවුරුදු දෙක හමාරක බිළිඳෙකු පෙරේදා මියගොස් තිබුණා.
එම මරණයට හේතුව රෝහලට පැමිණීම ප්‍රමාද වීම බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වරයා සඳහන් කළේ.
මේ නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කල සැනින් කුඩා දරුවන් නොපැකිලිව වහාම රෝහල්ගත කරන ලෙස අධ්‍යක්ෂ වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.
"ඒ දරුවා මේ රෝහලට ඇතුළත් කෙරේ මීට දින 11ට පමණ පෙර.
දරුවා ඇතුළත් කරන අවස්ථාවේදීම ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ පසුවුණා.
දරුවාගේ මවටත් පියාටත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වෙලා තිබුන මීට පෙර.
දරුවාගේ අසාධ්‍ය තත්ත්වය මත සෘජුවම දැඩිසත්කාර යොමු කරා.
කෙසේවෙතත් දරුවන් බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණාව වෙලා තියෙන්නෙ..
ඒ නිසා කාරුණිකව මං සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා... අනිවාර්යෙන්ම රෝහලට පැමිණෙන්න.
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කුඩා බිළිඳියක් 150 පමණක් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය ඇති බවට.
ඒ වගේම මේ දරුවන් සමඟ පැමිණ දෙමව්පියන් 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා..
ඒ වගේම මේක සමාජටත් තර්ජනයක්... කාර්යය මණ්ඩල තර්ජනයක්..."
728 Views
Comments