පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර විග්නේස්වරන් කොටි සොහොනක දිවුරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
16

පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර විග්නේස්වරන් කොටි සොහොනක දිවුරයි

පාර්ලිමේන්තුවේ  දිවුරන්න පෙර විග්නේස්වරන් කොටි සොහොනක දිවුරයි

විග්නේස්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පෙර මුලතිව් මුල්ලිවයික්කාල් කොටි සුසාන භූමියේදී සිදු කළ දිවුරුම් දීම අනුගමනය කරමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාද සිය ආධාරකරුවන් විශාල පිරිසක් සමග ගොස් එම ස්ථානයේදීම ඊයේ ( 15 ) දිවුරුම් දී තිබේ.

 

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයෙන් තරග කොට මෙවර යාපනයෙන් මන්ත්‍රීධූරයක් හිමිකර ගත් අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙවර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයෙන් තරග කොට යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුරයක් හිමි කරගෙන තිබේ.

 

යුද්ධය හමාරවීමෙන් පසුව මියගිය කොටි සාමාජිකයින්ව සිහිපත් කිරීම සඳහා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ස්මාරකයක් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හා දෙමළ ජාතික සන්ධානය විසින් එක්ව ඉදි කරන ලද අතර උතුරේ නව මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර එම ස්ථානය දිවුරුම් දීමට යොදාගෙන තිබේ.

 

ඔවුන් ප්‍රකාශ කරන්නේ කොටි සාමාජිකයින් මියගියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට බැවින් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දේශපාලනඥයින්ද ඔවුන්ට ගරු කොට ඔවුන්ව සිහිපත් කළ යුතු බවයි.

 

 

 

views

960 Views

Comments

arrow-up