කොවිඩ් ආසාදිත කාන්තාවන්ට සුව වීමෙන් පසු දීර්ඝ කාලයක් අතුරු ආබාධ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

කොවිඩ් ආසාදිත කාන්තාවන්ට සුව වීමෙන් පසු දීර්ඝ කාලයක් අතුරු ආබාධ

කොවිඩ් ආසාදිත කාන්තාවන්ට සුව වීමෙන් පසු දීර්ඝ කාලයක් අතුරු ආබාධ

කොවිඩ් ආසාදනය වී සුවය ලබන කාන්තාවන්ට ඉන් පසුවද මාස 3ත් 6ත් අතර කාලයක් තුළ දීර්ඝකාලීන රෝග ලක්ෂණ පවතින බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිය විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්‍ය චන්දිම ජයවර්ධන මහතා පවසනවා.

 

ඇතැම් අවස්ථාවලදී  මේ තත්ත්වය පිරිමි පුද්ගලයන්ට ද ඇති විය හැකි බව  ඔහු පෙන්වා දෙනවා.

 

මෙලෙස කොවිඩ් ආසාදිත ව සුව වූ කාන්තාවන්ගෙන් 15%කටම මානසික අවපීඩන තත්ත්ව ඇතිව තිබෙන බව  නිරීක්ෂණය වී තිබෙනවා.

 

මීට අමතරව පහත රෝග ලක්ෂණ ද  හඳුනාගෙන තිබෙනවා.

 

  • අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම - 8%
  • පපුව සහ උගුරේ වේදනාව - 6%
  • උදර රෝග - 8%
  • සංජානන ගැටළු - 4%
  • තෙහෙට්ටුව හිසරදය - 5%
  • මාංශ පේශීන් වේදනාව - 5%
  • වෙනත් වේදනාවන් - 7%
views

1558 Views

Comments

arrow-up