ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 12ක් මරුට

දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරුවලින් ගතවු පැය 24 තුළ පමණක් පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ ඉන් මරණ 8ක් ඊයේ දිනයේ සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බවය.
ඊයේ දින සිදුවූ මරණ 8ක්ම යතුරුපැදි හෝ පසුපැදිකරුවන්ගේ වන බවත් , පදිකයින් තිදෙනෙක් හා ත්‍රීරෝද රථයක ගමන් ගත් එක් කාන්තවක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා, පැවසීය.
මේ අතර, මාතලේ - ගලේවෙල මාර්ගයේ අකුරම්බොඩ ප්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් සිසුවෙක්
ධාවනය කල යතුරුපදියක් ඔහුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් එම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගයේ ඉහළ උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී යතුරුපැදියක මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.
එම අනතුරෙන් බරපතළ තුවාල ලැබු 53 හැවිරිදි සිවිල් ආරක්ෂක බළකායේපුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
715 Views
Comments