හොර වෛද්‍යවරියක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස ප්‍රරසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින් මෙම කාන්තාවා ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී හෙළිවී තිබෙනවා
මෙම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි විසින් පසුගියදා මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා
එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.
656 Views
Comments