දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ ගිගුරුම් සහිත තද වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ ගිගුරුම් සහිත තද වැසි

දිස්ත්‍රික්ක රැසකට මි.මි 100 ඉක්ම වූ ගිගුරුම් සහිත තද වැසි

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහ ඌව පළාත්වලත මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ඇතැම් ස්ථානවලටමි.මී. 100 පමණ තදවැසිද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30 පමණ වේ.

 

හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

**ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

 

 

 

views

583 Views

Comments

arrow-up