JUL
23
නව වැඩපිළිවෙළක් යටතේ පවතින අර්බුදය විසදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නව ධුරයට පත්වීමෙන් අනතුරුව ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමට ගොස් තිබේ.
ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ රටේ සියලු පාර්ශවයන්ට එකඟ විය හැකි නව වැඩපිළිවෙළක් යටතේ පවතින අර්බුදය විසදීමට පියවර ගන්නා බවයි.
ගෑස් සහ ඉන්ධන වැනි දෛනික අවශ්‍යතා මත පදනම් වූ අර්බුදය විසදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
218 Views
Comments