විදුලි උත්පාදකයේ වායුව විෂ වී රසායනාගාරයක සේවකයෝ සිහිසුන්ව රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

විදුලි උත්පාදකයේ වායුව විෂ වී රසායනාගාරයක සේවකයෝ සිහිසුන්ව රෝහලට

විදුලි උත්පාදකයේ වායුව විෂ වී රසායනාගාරයක සේවකයෝ සිහිසුන්ව රෝහලට

බණ්ඩාරගම නගරයේ පෞද්ගලික රසායනාගාරයක සාත්තු සේවිකාවන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙකු හදිස්සියේ සිහි සුන්ව රෝගාතුර වීමෙන් රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

 

ඊයේ(17) පස්වරු දෙකයි තිහට පමණ රසායනාගාරය උඩු මහලේ පරීක්ෂණාගාරයක් තුළ සිටි පුද්ගලයෙක් සහ යාබද කාමරයේ ආහාර ගනිමින් සිටි සාත්තු සේවිකාවන් දෙදෙනෙකු මෙලෙස සිහි විසඥව තිබේ.

 

බණ්ඩාරගම පොලිස් නිලධාරීන් පැමිණ සිහි විසඥව සිටි තිදෙනා 1990 සුව සැරිය ගිලන් රථයෙන් රෝහල්ගතකර තිබුණි.

 

එම තිදෙනා සිහි විසඥ වන අවස්ථාවේදී විදුලි උත්පාදක යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබී ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

 

අනතුරුව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රසායනාගාරය උඩුමහලට ගොස් සිදුකළ පරීක්ෂාවේදී විදුලි උත්පාදක යන්ත්‍ර තිබූ කාමරයේ වායුව පිටවීමට කිසිදු සුළං කවුළුවක් ස්ථාපිත කර නොතිබූ බවත් අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

කෙසේ වුවත් පරීක්ෂණාගාරයට සහ යාබද කාමරයට මුද්‍රා තැබීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

views

612 Views

Comments

arrow-up