කාර්මික දෝෂය පරීක්‍ෂා කරන්න බසය යටට රිංගූ රියැදුරා බසයට යටවී මරු දකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

කාර්මික දෝෂය පරීක්‍ෂා කරන්න බසය යටට රිංගූ රියැදුරා බසයට යටවී මරු දකී

කාර්මික දෝෂය පරීක්‍ෂා කරන්න බසය යටට රිංගූ රියැදුරා බසයට යටවී මරු දකී

දෙහිඕවිට බස් නැවතුමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ(04) උදේ කාර්මික දෝෂයකට ලක්ව පණගැන්වීමට නොහැකිව තිබියදී එහි රියැදුරා බසය යටට වී තිරිංග පරීක්‍ෂා කර ලබන අවස්ථාවේ හදිසියේම රථය ඉදිරියට ධාවනය වීමෙන් රියැදුරා ඊට යටවී එම ස්ථානයේම මියගොස් ඇතැයි දෙහි ඕවිට පොලිසිය කියයි.

 

බස්රථ අනතුරෙන් බස් නැවතුම්පොළටද දැඩි හානි සිදුව තිබේ. මෙලෙස අනතුරින් මියගියේ එම්. ඒ. චානක දුලිප් විජේවංශ නමැති අවුරුදු 25ක්වූ රුවන්වැල්ල, ගලපිටමඩ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණ රියැදුරෙකි.

 

අනතුර සම්බන්ධයෙන් දෙහිඕවිට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

15823 Views

Comments

arrow-up