සැඩ ජල පහරට හසුව ඔයේ ගසාගෙන ගිය පවුල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

සැඩ ජල පහරට හසුව ඔයේ ගසාගෙන ගිය පවුල

සැඩ ජල පහරට හසුව ඔයේ ගසාගෙන ගිය පවුල

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ ජලයෙන් වැසී ගොස් තිබූ මාර්ගයක පා ගමනින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් ජල පහරට හසුව පුස්ඇලි ඔයට ගසා ගෙන ගොස් ඇත.

 

ගසාගෙන යන අවස්ථාවේ අධික වර්ෂාව හේතුවෙන් අඩි 3ක් පමණ උසට ඔවුන් ගමන්ගත් මාර්ගය ජලයෙන් වැසී ගොස් තිබී ඇත.

 

ඊයේ (11) රාත්‍රි 7.15ට පමණ එම අනතුර සිදුව තිබේ.

 

එලෙස ජල පහරට හසුව ගසාගෙන ගිය අයගෙන් 32හැවිරිදි පුද්ගලයකු අතුරැදන්ව ඇති අතර හංවැල්ල පොලීසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව අද(12) උදෑසන අතුරුදන් පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කරතිබේ.

 

ජල පහරට ගසා ගෙන ගිය පිරිස පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර හංවැල්ල ආටිගල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණි අතරවාරයේදී රඹුටන් කැඩීම සඳහා ගොස් නැවත එමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

සිදුවීමට මුහුණ දුන් තරුණයෙක් තම අත්දැකීම මෙසේ කියා සිටියේය.

 

“අඩි 3ක් විතර වතුර තිබුණා.මමයි අයියයි ඉස්සෙල්ලා ගියා.

අක්කයි මල්ලී මේ පැත්තෙන් ගියා. මම ඉස්සරහට යද්දි අක්කයි මල්ලියි වැටුණා.

අයියා මගේ පිටුපස්සෙන් හිටියේ එයා දුවගෙන ආවා. ලිස්සලා එයා වතුර ට වැටුණා.මාත් වැටුණා.

මම ගිලිලා උඩ ආවා. තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දැක්කේ නෑ මං. මම ගහ ගාව හිරවෙලා හිටියා.

මල්ලී අක්කයි එහා පැත්තේ හිටියා.“

views

893 Views

Comments

arrow-up