තවත් 646 දෙනෙකුට සුවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

තවත් 646 දෙනෙකුට සුවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

තවත් 646 දෙනෙකුට සුවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගත කර සිටි රෝගීන්ගෙන් වත් 646 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගින් මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.

 

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 10,183ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

 

කෙසේ වෙතත් මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයන් 14,715ක් වාර්තා වන අතර ඉන් තවදුරටත් ආසාදිතයන් 4,491 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

සිදුව ඇති මරණ සංඛ්‍යාව අද මේ වන විට සිදුව ඇති මරණ 3ද සමගින් 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

එසේම රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 523ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

 

views

644 Views

Comments

arrow-up