එස්.ඕ.එස් ළමා ගම්මානයට රිංගූ කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
17

එස්.ඕ.එස් ළමා ගම්මානයට රිංගූ කොරෝනා

එස්.ඕ.එස් ළමා ගම්මානයට රිංගූ කොරෝනා

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පවසා සිටියේ පිලියන්දල එස්ඕඑස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනෙකු පමණ ඇතුලත්ව පුද්ගලයන් 91 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

 


ඇය වැඩිදුරටත් කියා සිටියේ ආසාදිතයින් අතර ළමා ගම්මානයේ අධ්‍යක්ෂකවරයා, සහකාර අධ්‍යක්ෂකවරයා , කාර්ය මණ්ඩලයේ හා වයස අවුරුදු 18ට වැඩි මාසික තරුණයන් සහ වයස අවුරුදු 17ට වැඩි නිවාසවල රැඳී සිටින තරුණියන්ද සිටින බවයි.

 

 


ගම්මානයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ගම්මානයට අමුත්තන් හා බාහිරව දරුවන් පිවිසීම තාවකාලිකව නවතා ඇති බවයි.

views

786 Views

Comments

arrow-up