සහරාන්ගේ ප්‍රහාර සම්බන්ධ විමර්ශන වාර්තා අසම්පූර්ණයි. දින 14ක් තුල නිවැරදි වාර්තා ඉදිරිපත් කරන්න- නීතිපති

2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් හෂීම් ප‍්‍රමුඛ ස්වයං ඝාතකයන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සහ ඊට අනුබද්ධිත සිදුවීම් පිළිබඳව විමර්ශන සිදුකර ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සහ ලේඛන අසම්පූර්ණ බව නීතිපතිවරයාගේ මතය වී ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර ඉදිරි දින 14 ක් ඇතුළත තමා වෙත වාර්තා ඉදිරිපත් කරන ලෙසට ඊයේ (09) පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ප්‍රකාශ කළාය.
817 Views
Comments