OCT
12
අගමැති සහ ගුරු - විදුහල්පති නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡා අද

ගුරු - විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙනවා.
අද දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු පමණක් සහභාගී වන බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ.
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.
689 Views
Comments