5,000 දීමනාව ලබාදීම ලබන මාසයේ සිට

පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සිය දෛනික ආදායම අහිමි වූ පුද්ගලයන්ට සහනයක් වීම සඳහා ලබාදෙන රු. 5000 දීමනාව ජුනි මස 2 වනදා සිට ලබා දීමට තීරණය කර තිබේ.
රාජය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ දැනට එම දීමනාව නොලැබෙන එහෙත් එම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ඇති අයට ද මෙවර මෙම රුපියල් පන්දහසේ දීමනාව හිමි වන බවයි.
දැනටත් රජයෙන් දීමනා ලබන අයගේ දීමනා මුදල රුපියල් 5000 ට අඩු නම් මේ හරහා එම හිඟ මුදල පියවීමටද රජය තීරණය කර තිබේ.
527 Views
Comments