DEC
21
රබර් වගාකරුවන්ට වසර පහක් යනතුරු සහනාධාර

රබර් වගාවට පුද්ගලයින් යොමු කිරීමේ අරමුණින් රබර් නැවත වගාවට සහ නව රබර් වගාවට ලබාදෙන සහනාධාර වාරික පහකින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව රබර් නැවත වගාව සඳහා හෙක්ටයාරයකට රු. 350,000ක්ද නව වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 3ක මුදලක්ද වාරික අටකින් වසර හතක් තුළ ගෙවනු ලැබේ.
පැල සිටුවීමෙන් අනතුරුව වසර පහක් අවසන් වීමට පෙර රබර් පැලය 50cm දක්වා වර්ධනය වී ඇති වගාවන් සඳහා රු. 14,000ක දිරි දීමනාවක්ද ලබා දේ.
799 Views
Comments