කොවිඩ් ආසාධිතයන් 8,000ක් රෝහලක් නොමැතිව තවමත් නිවෙස් වල

මෙරට කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 8,000ක් පමණ රෝහලක් හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් නොමැතිව නිවස් වලට කොටුවී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
මීට අමතරව රෝහල්ගත කරන ආසාදිතයින්ගෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.
ඉකුත් මැයි 27 වන දින වැඩ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව 149වූ අතර එය 31 වෙනදා වනවිට 330 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව දින 4ක කාලයක් තුළ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව 120%කින් ඉහළ ගොස් ඇත.
මෙම තත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුල කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
691 Views
Comments