නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වේ

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10ට ආරම්භ වුනා .සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 4 ක් අද විවාදයට ගැනීමට නියමිතයි.
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 3 ක් හෙට විවාදයට ගැනෙනවා.
ලබන 7 වනදා බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ගුවන්තොටුපොළ බදු ඇතුලු නියෝග 10 ක් විවාදයට ගැනීමට ද නියමිතයි.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා .
පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්‍ෂය හිමිකරගත් මන්ත්‍රී ධුරය සඳහා පූජය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ නම ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
611 Views
Comments