අහුන්ගල්ල භීතියට පත්කල ඇඹිලිපිටියේ ඉන්දික පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

අහුන්ගල්ල භීතියට පත්කල ඇඹිලිපිටියේ ඉන්දික පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යයි

අහුන්ගල්ල භීතියට පත්කල ඇඹිලිපිටියේ ඉන්දික පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් යයි

අහුන්ගල්ල නගරයම භීතියට පත් කරමින් ඉකුත් 12 වන දා දහවල් පුද්ගලයෙකුට වෙඩි තැබූ ඇඹිලිපිටියේ ඉන්දික නමැත්තා විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග ඊයේ (ඔක්. 13) සවස සිදුකරගත් වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී ජීවිතක්‍ෂයට පත්විය.



වෙඩි ප්‍රහාරය සිදුවූ තැන තිබී සැකකරු සතුව තිබූ ගිනි අවියක් හා ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.


මොහු 2017 ජූනි මස වත්තල සුප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයක රුපියල් ලක්‍ෂ 78ක්, ටී 56 ගිනිඅවි පෙන්වා කොල්ලකා පළාගිය සිද්ධියේ ද ප්‍රධාන සැකකරුවෙකි.



එමෙන් ම 2018 වසරේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකි.

 


ඉකුත් 12 වන දා අහුන්ගල්ල නගරයට මෝටර් රථයකින් පැමිණ ඇති මොහු නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට ඇති ත්‍රිරෝද රථ ගාලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ ය. එම ප්‍රහාරයෙන් මුළු අහුන්ගල්ලම භීතියට පත්විය.



වෙඩි තැබීමෙන් 43 හැවිරිදි ප්‍රදීප් කුමාර නමැති ත්‍රීවීලර් රථයේ රියැදුරෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ ද ඔහුගේ ජීවිතය බේරී තිබිණි.



කෙසේ වෙතත් මොහු එම පුද්ගලයාට වෙඩි තැබීමත් සමග තුවාලකරු වෙඩික්කරු සමග පොර බදා ඇති බව ද කියති.

 

පසුව වෙඩික්කරු තුවාලකරුගේ ග්‍රහණයෙන් මිදී පළා ගොස් තිබේ. එම සිද්ධිය ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහු හඳුනාගෙන ඇති අතර ඊයේ ඔහු බලපිටිය ප්‍රදේශයට පැමිණි මොහොතේ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් උත්සාහ ගෙන තිබේ. එහිදී සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර එස්.ටී.එෆ්. භටයන් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔහු මරණයට පත්ව ඇත.


පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරේ.

views

254 Views

Comments

arrow-up