තම ලෙයින් උපන් සිව් හැවිරිදි සිඟිති දියණිය කෙළෙසූ පාපතර පියාට ලැබුණු දඬුවම

අසභ්‍ය වීඩියෝ පෙන්වා තම සහජාතක 04 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපචාර සිදුකිරීම සහ තවත් අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට බරපතළ වැඩ ඇතිව වසර 16ක සිරදඬුවමක් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ(29) නියෝග කළාය.
එම සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරිය එම වන්දිය, වින්දිත දැරියගේ මවගේ නමින් බැංකුගත කොට දැරියගේ සුබසාධනය සඳහා වැයකිරීමට පියවර ගන්නා ලෙසටද නියෝග කර සිටියාය.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය වැඩිහිටියන් දැඩි වෑයමක් දරන, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි අවධානය යොමුවී ඇති වර්තමාන යුගයේ තම අධිකරණයට එවැනි අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ නඩු කටයුත්තක් විභාග කිරීමට සිදුවීමම එක්තරා අභාග්‍යයක් යැයි පෙන්වා දෙමින් විනිසුරුවරිය එම නියෝග නිකුත් කළාය.
653 Views
Comments