පෙරපාසල් ගාස්තු හා ගුරුවරු නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් - පියල් නිශාන්ත
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

පෙරපාසල් ගාස්තු හා ගුරුවරු නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් - පියල් නිශාන්ත

පෙරපාසල් ගාස්තු හා ගුරුවරු නියාමනයට  ජාතික ප්‍රතිපත්තියක් -  පියල් නිශාන්ත

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙර පාසැල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන එකොළොස් වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් සඳහන් කෙරිණි .

 

 

එම පනත මඟින්, පෙරපාසල් දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු සහ ගුරුවරුන් ගේ සුදුසුකම් නියාමනය කිරීමට යෝජිත බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සභාවට දන්වා සිටියේය .

 

 

ඔහු මේ බව සඳහන් කළේ , ශ්‍රීලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව 19,668 ක් බවද පාර්ලිමේන්තුවේදී අනාවරණය කරමිනි .

 

 

මෙසේ ශ්‍රීලංකාවේ පෙර පාසල් , එහි සේවය කරන ගුරුවරුන් ආදිය සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරක් ලබා දුන්නේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගරු වයි.ජී. රත්නසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

 

 

එසේම,මේ වන විට වැසීගොස් තිබෙන පෙර පාසල් සංඛ්‍යාව 1482ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සභාවට පවසා සිටියේය .

 

පෙර පාසැල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් ගැනීමට අපේක්ෂිත පියවර ලෙස ,

 

පෙරපාසල් අධ්‍යාපනය කළමනාකරණය සහ නියාමනය, සුපරීක්ෂණය සහ ප්‍රමිතීන් පවත්වාගෙන යාම ,

 

අලු‍තින් ආරම්භ කරන පෙර පාසල් වල ප්‍රමිතීන් තීරණය කිරීම ,

 

පළාත් පෙර පාසල් අධිකාරියක් සහ ඒකක ශක්තිමත් කිරීම,

 

විශේෂ නිර්දේශ සහ ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම,

 

පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව කාර්ය මණ්ඩලවල හැකියාවන් ප්‍රවර්ධනය ,

 

රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ දැමීම සහ එම දීමනාව ලබා ගන්නා ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම,

 

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම අවම වශයෙන් එක පෙර පාසලක් හෝ ප්‍රමිතිගත තත්වයෙන් පවත්වාගෙන යාම ,

 

ජලය,වැසිකිළි හා කැසිකිළි පහසුකම් නැති පෙර පාසල් සඳහා එම පහසුකම් ලබාදීම ,

 

ගමට අනන්‍ය වූ පෙරපාසල් හඳුනාගැනීමට ප්‍රජා සංවිධාන බිහිකිරීම සහ ඒවා ශක්තිමත් කිරිම,

 

පෙරපාසල් ජාතික ප්‍රතිපත්තියනට අනුකූල නොවන පෙරපාසල් සම්බන්ධයෙන් කටයුතු කිරීම ,

 

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් හඳුනා ගැනීම ,

 

එම දරුවන් පිළිබඳව අනුගමනය කළ යුතු විශේෂ ක්‍රම හඳුන්වා දීම ,

 

මුල් ළමාවිය සංවර්ධන තක්සේරුකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ,

 

සෑම කොට්ඨාසයකම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පෙර පාසලක් පවත්වාගෙන යාම ආදිය අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදි.

 

 

 

views

799 Views

Comments

arrow-up