SEP
18
සමලිංගිකත්වය වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් නෑ - රමේෂ් පතිරණ

සමලිංගිකත්වය සාපරාධී වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් රජයට නැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ ද අවධානය යොමු කිරීමට අදහස් කර සිටින බවද ඔහු පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
871 Views
Comments