මොරටුවේ ෆෝන් හොරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

මොරටුවේ ෆෝන් හොරු අත්අඩංගුවට

මොරටුවේ ෆෝන් හොරු අත්අඩංගුවට

මොරටුව සහ ඒ අවට ප්‍රදේශවල නිවාස සහ කඩ සාප්පුවලින් ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනකු ඊයේ (18) මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් සමඟ ඔවුන් සොරකම් කරන ලද ජංගම දුරකථන 08ක් ලැප්ටොප් පරිගණකයක් සහ වටිනා විදුලි භාණ්ඩ රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

 

මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා භාණ්ඩ සහ උපකරණ සොරකම් කරගෙන ඇති බවට අනාවරණය වී ඇත.

 

21 හා 26 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් මොරටුව මුරවත්ත, පානදුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

පොලිසිය පවසන්නේ සැකකරුවන්ගෙන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි.

 

views

257 Views

Comments

arrow-up