මත්වී සිරිපා කරුණාකෙරූ 150 ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

මත්වී සිරිපා කරුණාකෙරූ 150 ක් අත්අඩංගුවට

මත්වී සිරිපා කරුණාකෙරූ 150 ක් අත්අඩංගුවට

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක කාලයක් තුළ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

මෙම පිරිස පැමිණ තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටයි. ඒ, හෙරොයින් , අයිස් , කේරල ගංජා , ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි, මත්පෙති ද සමග බවයි වාර්තා වන්නේ .

 


අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් 110 දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට දඩ මුදල් නියම කර මුදා හැරුණා.

 

 

මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තවත් සැකකරුවන් 40 දෙනෙකුට එරෙහිව ලබන 21 දින අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිසිය පැවසුවේ. 

 

views

712 Views

Comments

arrow-up