“මාව හිරේට දාන්න බෑ, ඒක බොරුවක්” - මෛත්‍රී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව සිරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු හෝ සාක්ෂි නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ඔහු සඳහන් කරන්නේ තමාව සිරගත කරන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවයි.
“මාව සිරගත කරන්න තරම් කරුණු නෑ. ඒක බොරුවක්.”
“ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අදහස් දක්වන්න ඕනේ ජනාධිපතිවරයා. මම කාලය අඩු කරගත්ත කෙනෙක්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ කියන්නේ එයාගෙ මතයනේ. එයාට මොකක් හරි ඔළුවේ අසනීපයක් ඇති.”
“අපි අනුන්ගෙන් කන ජාතියක් බවට පත්වීම හරිම කනගාටුයි. ඒ නිසා අපි අපේ ආහාර ටික හදාගන්න තැනට පත්වෙන්න ඕනේ.”
717 Views
Comments