ඉන්ධන මිළ වැඩි නොවේ - ජනපති දැඩි තීරණයක

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස රැස්වූ කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙනවා.
එහිදී ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
705 Views
Comments