ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමග සැකකරුවෙක් තණමල්විල දී අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමග සැකකරුවෙක් තණමල්විල දී අල්ලයි

ගවයින්  ප්‍රවාහනය කළ ලොරියක් සමග සැකකරුවෙක් තණමල්විල දී අල්ලයි

තණමල්විල  පොලිසිය ඊයේ (21) අලුයම නීති විරෝධි ලෙස ගවයින් 23 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් එක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙයි.

 

තණමල්විල උඩවලව මාර්ගයේ 15 හාමර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් මෙම ලොරි රථයේ ගවයින් අතර එළ ගවයින් 20 ක් හා මීගවයින් තිදෙනෙකු සිට ඇති අතර රත්නපුර  ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී මෙසේ හසුව තිබේ.

 

පසුගිය දිනවල අතුරුදහන් වී ඇති ගවයින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වලට අදාලව  මෙම ගවයින් මිළට ගත්තේ කුමන ප්‍රදේශවලින් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. තණමල්විල පොලිසිය ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.

views

197 Views

Comments

arrow-up